තේ වගාවේ පොහොර භාවිතය පිළිබඳ අවවාදාත්මක සටහන

තේ වගාවේ පොහොර භාවිතය පිළිබඳ අවවාදාත්මක සටහන

“තේ පොහොර” නමින් විවිධ පෝෂක සංයුතීන් ගෙන් යුත් පොහොර වර්ග වෙළඳ පොළෙහි විකිණීමට ඇති බවත්, ඒවා තේ වගාව සඳහා යොදන බවත් අප වෙත අවස්ථා කීපයකදීම වාර්තා වී ඇත.  ඒ අනුව වෙළඳ පොළෙහි ඇති පොහොර මිශ්‍රණයන්ගෙන් අහඹු ලෙස ලබා ගත් සාම්පල් හා අප වෙත ලැබී ඇති එවැනි පොහොර සාම්පල් විෂ්ලේෂණය කර තත්ව වාර්තා ලබා ගැනීමේදී ඒවා බොහොමයක් තේ වගාව සඳහා භාවිතයට නුසුදුසු (ප්‍රමිතියෙන් තොර) ඒවා බව තහවුරු වී ඇත. පසට යෙදීමට නොසුදුසු සංයෝගද මෙම සමහර පොහොරවල අඩංගු බවට විද්‍යාත්මක සාක්ෂි ලැබී ඇත. විශේෂයෙන්ම අධික ලෙස සෝඩියම් (Na) අඩංගු පොහොර යෙදීම පසට හානිදායකය. එවැනි නුසුදුසු පොහොර දිගින් දිගටම භාවිතා කිරීම තේ කර්මාන්තයට මෙන්ම පාරිසරිකවද තර්ජනයක් විය හැකි බැවින් තේ පර්යේෂණ ආයතනය මගින් නිර්දේශිත පොහොර පමණක් තේ වගාව සඳහා යොදන ලෙස මින් අවධාරනය කරමු.

තේ වගාව සඳහා පොහොර නිර්දේශ ඉදිරිපත් කිරීමේදී සැළකිල්ලට ගනු ලැබෙන ඉතා වැදගත් කරුණු කීපයක් පහත සඳහන් කර ඇත.

මේ අනුව තේ වගාව සඳහා තේ ප ආ විසින් නිර්දේශිත පොහොර මිශ්‍රණ පහත වගුව 1 හි සඳහන් කර ඇත. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා තේ ප ආ උපදෙස් චක්‍රලේඛ (අංක SP1-SP10) පරිශීලනය කරන්න. මෙහි සඳහන් පොහොර නිර්දේශයන්ට අමතරව වෙනත් පොහොර මිශ්‍රණ තේ වගාව සඳහා භාවිතා කිරීමෙන් වළකින්න.

වගුව 1 : තේ සඳහා නිර්දේශිත විවිධ පොහොර මිශ්‍රණ සහ ඒවායේ පෝෂක ප්‍රමාණයන්

පොහොර මිශ්‍රණය යොදන අවධිය පෝෂක ප්‍රමාණය (%)
N P2O5 K2O MgO S
T 65 තේ තවාන් 10.5 10.8 11.1 3.7 12.7
T 200 ළපටි තේ, මව් වගා, බීජ දරන තේ 10.3 6.9 7.5 3.0 14.8
T 750 නොමේරූ තේ සහ බීජ දරන තේ 13.7 3.7 8.0 1.6 17.5
U 330 මේරූ බීජ දරන තේ 18.1 8.6 18.2 Nil Nil
U 625 පුනරුත්ථාපන තෘණ 16.6 11.4 14.4 Nil Nil
ST/UM 400 උඩරට හා මැදරට අඩු අස්වනු සහිත රිකිලි හා බීජ තේ 22.5 6.2 17.6 Nil Nil
ST/LC 365 පහතරට අඩු අස්වනු සහිත රිකිලි හා බීජ තේ 24.7 6.7 13.6 Nil Nil
ST/UVA 435 ඌව අඩු අස්වනු සහිත රිකිලි හා බීජ තේ 20.7 5.8 20.7 Nil Nil
VP/UM 910 උඩරට හා මැදරට මේරූ රිකිලි තේ 29.7 3.9 13.2 Nil Nil
VP/LC 880 පහතරට මේරූ රිකිලි තේ 30.7 4.1 11.4 Nil Nil
VP/UVA 945 ඌව මේරූ රිකිලි තේ 28.6 3.8 14.8 Nil Nil
VP/UM1020 උඩරට හා මැදරට වැඩි අස්වනු සහිත රිකිලි තේ 31.4 3.4 11.8 Nil Nil
VP/LC 1075 පහතරට වැඩි අස්වනු සහිත රිකිලි තේ 33.5 3.3 9.3 Nil Nil
VP/UVA 1055 ඌව වැඩි අස්වනු සහිත රිකිලි තේ 30.3 3.3 13.3 Nil Nil
U 834 මේරූ තේ සඳහා කීසරයිට් අඩංගු පොහොර මිශ්‍රණය 24.0 3.6 12.0 3.6 3.4
UT 752 මේරූ තේ සඳහා සල්ෆර් අඩංගු පොහොර මිශ්‍රණය 26.6 4.0 13.3 Nil 2.7
T1240* මේරූ තේ සඳහා, N ප්‍රභවය ලෙස ඇමෝනියම් සල්ෆේට් අඩංගු පොහොර මිශ්‍රණය 16.1 2.3 8.0 Nil 18.7

*යූරියා මිල ඉහළයාම නිසා, ඇමෝනියම් සල්ෆේට් අඩංගු T1240 පොහොර මිශ්‍රණය, අතුරු නිර්දේශයක් ලෙස ඉදිරිපත් කර ඇත. මෙම පොහොර මිශ්‍රණය භාවිතා කිරීමේදී පසේ ආම්ලික බව වැඩිවිය හැකි බැවින්, කප්පාදු චක්‍රය මැදදී වුවද, පසෙහි pH අගය පරීක්ෂා කර, ඒ අනුව අවශ්‍ය ප්‍රමාණයට ඩොලමයිට් යොදා පසේ ආම්ලිකතාව නිවැරදි කර ගන්න.

සැළකිය යුතුයි: පොහොර මිලදී ගැනීමේදී මිශ්‍රණයේ අඩංගු සංයෝග වල පෝෂක ප්‍රතිශතය/අනුපාතය, නිෂ්පාදිත ආයතනයේ/පුද්ගලයාගේ තොරතුරු, නිෂ්පාදිත හා කල් ඉකුත්වීමේ දිනය ආදී තොරතුරු පිළිබඳ අවධානය යොමු කරන්න.

බාගත කිරීමේ සබැඳිය

Privacy Notice Disclaimer Notice
22874
Total Visit : 22874
Last Updated on : July 25th, 2022
Solution by LankaCom